Monday, July 9, 2018

ක්‍රිකට්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය




අයිසීසී නිල ලාංඡනය
කෙටි නමඅයිසීසී
ආදර්ශ පාඨයචැම්පියනින්ග් වර්ල්ඩ් ක්‍රිකට්
පූර්වප්‍රාප්තික සංවිධාන(ය)අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය (1909-65)
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (1965-89)
ආරම්භය15 ජුනි 1909; වසර ගණනකට 109 ක් පෙර
වර්ගයජාතික සංගම් සම්මේලනය
මූලස්ථානයඩුබායිඑක්සත් අරාබි එමීර් රාජ්‍යය
සාමාජිකත්වය104 members
ChairmanShashank Manohar
PresidentZaheer Abbas[1]
CEODavid Richardson
වෙබ් අඩවියicc-cricket.com/
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිහිටවූයේ 1909 ජුනි 15 දිනයි. මෙහි ප්‍රධාන කාර්යාලයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටා ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම පාලන කටයුතු සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිහිටුවීය. එය 1909 දී මුලින් පිහිටුවනු ලැබුවේ අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය යනුවෙනි. එහි නියෝජිතයන් වූයේ එංගලන්තයඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවයි. 1965 දී එය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නමින් නැවත නම් කෙරුණි. වර්තමාන නාමය එයට හිමි වූයේ 1989 දීය.
දැනට රටවල් 105ක් සාමාජිකත්වය ලබා ඇති අතර සාමාජික කණ්ඩායම් 12 ක් නිළ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන අතර අනුබද්ධිත කණ්ඩායම් 92 ක් ද මෙම සාමාජිකත්වයට අයත් වේ.[2] මෙම ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සංවිධානය හා පාලනය කිරීමෙහි ලා මූලික වන අතර විශේෂයෙන්ම ලෝක කුසලානය සංවිධානය කිරීමේ භාරධූර කාර්යය ඉටු කරනු ලබයි. එලෙසම එක්දින තරඟ හා පන්දුවාර 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සඳහා විනිසුරුවන් හා පුහුණුකරුවන් පත් කිරීම ද සිදු කරනු ලබයි. එපමණක් නොව ප්‍රධාන වගකීම් අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති මාලාව නිසියාකාරව පවත්වාගෙන යාමක් තරඟාවලියේ දූෂණ අවස්ථාවන්හිදී දූෂණ විරෝධී හා ආරක්ෂා ඒකකයට අන්තර් ග්‍රහණවත් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමත් වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති මුස්තාෆා කමල් මහතා 2015 වසරේ දී අස්වීමෙන් පසු සභාපති ලෙස සහීර් අබ්බාස් මහතා පත්කර ඇත.

ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්සංස්කරණය

ටෙස්ට් ශ්‍රේණිගතකිරීමසංස්කරණය

අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගතකිරීම
ස්ථානයකණ්ඩායමසහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණුශ්‍රේණිගතය
1 ඉන්දියාව445,313121
2 දකුණු අප්‍රිකාව394,484115
3 ඕස්ට්‍රේලියාව404,174104
4 නවසීලන්තය353,489100
5 එංගලන්තය494,82999
6 ශ්‍රී ලංකාව464,37495
7 පකිස්තානය342,98888
8 බටහිර ඉන්දීය කොදෙව්362,60672
9 බංග්ලාදේශය261,83371
10 සිම්බාබ්වේ14121
මුලාශ්‍රය: icc-cricket.com

එදිජා ශ්‍රේණිගතකිරීමසංස්කරණය

අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම
ස්ථානයකණ්ඩායමසහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණුශ්‍රේණිගතය
1 ඉන්දියාව627,595123
2 දකුණු අප්‍රිකාව596,912117
3 එංගලන්තය596,871116
4 නවසීලන්තය576,550115
5 ඕස්ට්‍රේලියාව576,376112
6 පකිස්තානය514,87596
7 බංග්ලාදේශය393,51890
8 ශ්‍රී ලංකාව726,06384
9 බටහිර ඉන්දීය කොදෙව්433,26076
10 ඇෆ්ගනිස්තානය382,10255
11 සිම්බාබ්වේ502,49250
12 අයර්ලන්තය281,24044
මුලාශ්‍රය : icc-cricket.com

වි20ජා ශ්‍රේණිගතකිරීමසංස්කරණය

අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම
ස්ථානයකණ්ඩායමසහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණුශ්‍රේණිගතය
1 පකිස්තානය263,272126
2 ඕස්ට්‍රේලියාව192,345123
3 ඉන්දියාව293,547122
4 නවසීලන්තය252,940118
5 බටහිර ඉන්දීය කොදෙව්222,538115
6 එංගලන්තය212,402114
7 දකුණු අප්‍රිකාව212,309110
8 ශ්‍රී ලංකාව292,63591
9 ඇෆ්ගනිස්තානය272,38588
10 බංග්ලාදේශය191,36772
11 ස්කොට්ලන්තය1173767
12 සිම්බාබ්වේ1591561
13United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය1682752
14 නෙදර්ලන්තය944149
15 හොංකොං1359946
16 පපුවා නවගිනිය623539
17 ඕමානය934538
18 අයර්ලන්තය1553436
මුලාශ්‍රය: icc-cricket.com

ඉතිහාසයසංස්කරණය

1909 ජුනි 15 වන දින එංගලන්තය,ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එහි නියෝජිතයන්ගේ හමුවක්ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පවත්වා රාජකීය ක්‍රිකට් සම්මේලනය ආරම්භ කරන ලදී.බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රිකට් පාලක මණ්ඩලවලට පමණක් සාමාජිකත්වය සීමා කරන ලදී. 1926 දීඉන්දියාවනවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පත් කරන ලදී. එමඟින් ටෙස්ට් ක්‍රිකට්ක්‍රීඩා කරන රටවල් ගණන දෙගුණයක් එනම් හයක් බවට පත්විණි. 1947 පකිස්තාන ක්‍රිකට් සංගමය පිහිටුවීමෙන් පසු එයට 1953 දී ටෙස්ට් තත්වය දෙන ලදී. එමඟින් එය හත් වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට පත්විය. දකුණු අප්‍රිකාව 1961 දී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා අස්වූයේ නොසැලකිලිභාවය නිසාය. 1965 දී රාජකීය ක්‍රිකට් සම්මේලනය අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය ලෙස නැවත නම් කරන ලද අතර අළුත් නීති සකස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය සමූහාණ්ඩුවට අයත් නොවන රටවල්වලට එම සංවිධානයට පත්වීමට අවස්ථාව සලසා දීම සඳහාය. මෙය සම්මේලනයේ වර බලපාන ලදී. මෙහි සාමාජිකත්වය ඇතුළු වීමත් සමඟ , සාමාජිකත්වය ලබා ගන්නා රටවල්වලට එක් ඡන්දයක හිමිකම ලැබුණත් , සම්පූර්ණ සාමාජිකත්වය සහ මුල් සාමාජිකයින්ට ඡන්ද දෙකක අයිතිය ලබා දෙමිනි. මුල් සාමාජිකයින් ඡන්දයේ හිමිකාරීත්වයට පත්විය. 1981 දී ශ්‍රී ලංකා‍වපූර්ණ සාමාජිකත්වයට පත්වීමත් සමඟටෙස්ට් ක්‍රීඩා කරන රටවල් ගණන නැවත හතක් බවට පත්විය. 1989 දී නව නීති සම්පාදනය කරන අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය යන නම අද පවතින නම වනඅන්‍තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලෙස නැවත වෙනස් කරන ලදී. 1991 දී දකුණු අප්‍රිකාව නොසලකා හරින ලද තත්වය අතහැර, එයට සම්පූර්ණ සාමාජිකත්වය ලබා දී නැවත සංවිධානයට බඳවා ගන්නා ලදී. ඉන්පසුව 1992 දී සිම්බාබ්වේ ඇතුළත් වීමත් සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සංඛ්‍යාව නවය බවට පත්විය. 2000 දී බංග්ලාදේශය 10 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කන්ඩායම වශයෙන් ඇතුළත් වෙන ලදී. ඉන්පසුව 2017 වසරේදී අයර්ලන්තය සහඇෆ්ගනිස්තානය ඇතුළත් වීමත් සමඟටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සංඛ්‍යාව දොළහ බවට‍ පත්විය.

මූලස්ථානයසංස්කරණය


ඩුබායි නගරයෙහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙහි ප්‍රධාන කාර්යාලය
එය සැදුමෙහි සිටම අයිසීසීය එහි නිවහන ලෙසින් භාවිතා කලේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අතර, 1993 සිට එහි කාර්යාල පිහිටුවා ගත්තේ ක්‍රීඩාංගනයෙහි නර්සරි අන්තයෙහි "ක්ලොක් ටවර්" ගොඩනැගිල්ලෙහිය. කෙසේ වුවත්, ICC හි වාණිජමය අංශය ප්‍රමුඛතාවයට පත්වීමත් සමඟ ඇතිවූ බදු බර අඩු කිරීමට එහි කළමණාකාරීත්වය මං සොයන ලදී. මෙහි ප්‍රතිඵලයක් වූයේ වසර 2001 දී මොනාකෝ හි කාර්යාලයක් ස්ථාපිත කිරීමත්, ICC හි සියලුම වාණිජ සේවකයන් එහි ස්ථානගත කිරීමත්ය. මෙමඟින් බලාපොරොත්තු වූ පරිදි බදු බර ඉවත් කරගත හැකිවුවද, ලෝඩ්ස් හි රැඳි සිටි පරිපාලකයන් හා ඔවුන්ගේ වාණිජ සගයන් අතර දුරස් වීමක් ඇතිවිය. මේ නිසා කවුන්සිලය තම සියලු නිලධාරීන් එකට එකතු කිරීමේ හා බදු බර ඉවත් කිරීමේ ක්‍රමයක් සොයන ලදී.
විකල්පයක් ලෙස ICC කාර්ය මණ්ඩලය ලෝඩ්ස්‍හි රැඳවීමට විමර්ශනයට ලක්කරන්නේ ඉන් පසුවයි. ඒ සඳහා "ක්‍රීඩා එංගලන්ත" (Sport England) හරහා බ්‍රිතාන්‍යයආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. තවද, බ්‍රිතාන්‍යය බදු සංස්ථාවෙන් බදු බර ඉවත් කරන ලෙස ද ඉල්ලීමක් කරන ලදී.නමුත් බ්‍රිතාන්‍යය ආණ්ඩුව මෙම ඉල්ලීමට එකඟ නොවීය. මේ හේතුව නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙනත් ස්ථාන කිහිපයකද යෝග්‍යයතාවය පරික්ෂා කළ අතර, අවසානයේ දී එක්සත් අරාබි එමීර්හි ඩුබායි නගරය ‍තෝරා ගන්නා ලදි. වසර 2005 දී ICC ය සිය සියලු ලෝඩ්ස් හා මොනෑකො හි කාර්යාල ඩුබායිහි ස්ථාපිත කරන ලදී. මෙම තීරණය ගන්නා ලද්දේ ICC කාරක සභා ඡන්දයකිනි. තීරණයට පක්ෂව 11-1 ක ඡන්ද ප්‍රතිඵලයක් හිමිවිය.[3]
මෙම තීරණයට බලපෑ තවත් කරුණක් වන්නේ ක්‍රිකට් සීඝ්‍රයෙන් පැතිරෙන දකුණු ආසියාවට සමීපයට මෙම කාර්යාල ගෙනයාමයි. මේ තාක් දුරට න්‍යායානුකූල වශයෙන් කේන්ද්‍රය බවට පත්ව තිබුණේලෝඩ්ස් ය. මෙම යුගයේ ICC ය පරිපාලනයට බඳුන් වූයේ MCC ආයතනය මඟිනි. (මෙම තත්වය 1993 දක්වා පවතින ලදී). නමුත්ඉන්දියාවපකිස්ථානය හා ශ්‍රී ලංකාව වැනි රටවල වැඩිවන ක්‍රිකට් ශක්තිය නිසා බ්‍රිතාන්‍යයේ පුද්ගලික ක්‍රිඩා සමාජයක් වන MCC යට අන්තර්ජාතික මට්ටමින් ක්‍රිකට් පවත්වාගෙන යාම අපහසු විය. මෙම වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ වලින් ලද සෘජු ප්‍රතිඵලයක් වූයේ ICC ලෝඩ්ස් වලින් බැහැර වඩා මධ්‍යස්ථ ස්ථානයකට රැගෙන යාමයි.

නීති රීතිසංස්කරණය

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රීඩාවේ තත්වය, පන්දු යැවීම සලකා බැලීම යනාදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පනවා ඇති නීති පිළිබඳ සලකා බැලීම සිදු කරයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ක්‍රිකට් නීති උපුටා ගැනීමට අයිතියක් නැත. ඒ සඳහා ක්‍රියා කළ හැකි වන්නේ ප්‍රධාන ක්‍රිකට් (කවුන්සිලයටය) සභාවටයි. එසේ වුවද දැන් සාමාන්‍යයෙන් මෙය සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර් ජාතික පාලන අධිකාරිය වන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (සභාව) හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පිලිපැදිය යුතු නීති මාලාවක් ඇත. ඒ සමඟම අන්තර්ජාතික තරඟවලට ක්‍රීඩා කරන තරඟ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් එකඟ විය යුතුය. මෙම නීති කඩ කිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දඩුවම් පැමිණවීම සිදු කළ හැක. සාමාන්‍යයෙන් මෙය දඩ මුදලක් අය කිරීම විය හැක. 2006 වසරේ දී ක්‍රීඩකයන්හට 27 වතාවක් මේ මඟින් දඩුවම් නියම කර ඇත.[4]

විනිසුරුවන්සංස්කරණය

අන්තර්ජාතික විනිසුරුවරු සහ තරග විනිශ්චයකරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කළ ටෙස්ට් තරග, එක් දින තරග සහ විස්සයි20 තරග සඳහා පත් කරනු ලබයි.

වාණිජමය අවධානයසංස්කරණය

ICC ආයතනයට බලවත් වාණිජමය අවධානයක් ඇති අතර එහි මූලික වත්කම වු ක්‍රිකට් ලෝක කුසලානයේදී එහි සාමාජිකයන්ගේ උගය උපරිම කිරීමේ කාර්යය සිදුවෙයි. 2007 හා 2015 අතරතුරදීලෝක කුසලානයේ අනුග්‍රාහකත්වය හා රූපවාහිනී වගකීම් ඇමරිකානු ඩෝලර් මිලියන 1.6 කට වඩා වැඩි ආදායමක් ගෙනදුන් අතර එය ICC ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. ICC ආයතනයට අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින් ආදායම් මාර්ග නොමැත. (ටෙස්ට් තරඟඑක්දින ජාත්‍යන්තර තරඟ හා පන්දුවාර 20 ක්‍රිකට් තරඟ) එයට එහි ලෝක කුසලාන ආදායම නගා සිටුවීම සදහා නව අවස්ථා නිර්මාණය කල යුතු වෙයි. 2005 වසරේ ඕස්ට්‍රේලියාවේක්‍රීඩා කරන ලද අයිසීසී සුපර් සීරීස් තරගාවලිය අයත් වෙයි. කෙසේ නමුත් මෙම විස්තිර්ණ කිරීම් ICC ආයතනය බලාපොරොත්තු වු තරම් සාර්ථක නොවීය. සුපර් සීරිස් තරඟා වලිය බොහෝ දුරට අසාර්ථක තරඟාවලියක් ලෙස දැක්වුණු අතර එය නැවත පැවැත්වීමට බලාපොරොත්තු නොවීය.

අනුබද්ධිත ආයතනසංස්කරණය

පවත්වන තරගාවලිසංස්කරණය


            



No comments:

Post a Comment